Gossips

මහරගම යතුරුපැදියේ තවත් 5 ක් ඉල්ලා අස්වේ

ඉකුත් පලාත් පාලන මැතිවරණයේදි මහරගම නගර සභාව ජයගත් යතුරු පැදිය ලකුණින් ඉදිරිපත් වූ ස්වාධින කණ්ඩායමේ තවත් මන්තිී‍්‍රවරුන් 05 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ වෙනුවට කාන්තාවන් 05 දෙනෙකු මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඕෂධී ගුණරත්න, සුමනාවතී අබේරත්න, වරුණි මනතුංග, ඩී.එම්.එම්. කුමාරිහාමි සහ එච්.එම්. රසිකා එලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පිරිසයි.
කෙසේ වෙතත් ඉන් 04 දෙනෙකුගේ පත්වීම් පිලිගත නොහැකි බවයි මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි නාගරික මන්ත්‍රී කාන්ති කොඩිකාර ප්‍රකාශ කළේ.
මීට පෙර ද ස්වාධින කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඉල්ලා අස්වු අතර ඒ වෙනුවට නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුලූ කාන්තාවන් හයදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවසේදි පසුගියදා දිවුරුම් දුන්නා.
පලාත්පාලන මැතිවරණයේදි නාමයෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට යතුරු පැදිය ලකුණින් ඉදිරිපත් වු ස්වාධින කණ්ඩායමට සහාය පළකළ අතර ඔවුන් බලය හිමි කර ගත්තේ මන්ත්‍රී ධුර 25ක් ලබා ගනිමින්.
කෙසේ වෙතත් අලූතින් පත් වු මන්ත්‍රීවරුන් 05 දෙනාගෙන් 04 දෙනෙකු ගේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන භාරගත යුතු බවයි මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර වැඩිදුරටත් කියා සිටියේ.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඊයේ නගර සභාවේ මාසික සභාවාරය ද පැවති අතර මැතිවරණයට තරඟ නොකළ අපේක්ෂකයින් ගැසට් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ සහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් නගර සභාව ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා.