Gossips

මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වුවත් ඇමරිකාවේ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට

ජගත් මානව හිමිකම් කොමිසමෙන් තම රට ඉවත්වුවත් ශ්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් යෝජනා ඉටු කිරීමට පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් ලක් රජයේ බලධාරීන් හමුවී දැනුම්දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලූ ජාතීන්ට ප්‍රතිසන්ධානය සහ සාමය උදාකිරීම සඳහා අඛණ්ඩව ලක් රජය සමඟ කැපවන බවයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.
එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ දැනටමත් ඒ වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරන බවයි.
ඒ අනුව මානව හිමිකම් කොමිසමේ යෝජනා සහ එකඟතා සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව පවසන ඇමරිකාව එහි අඛණ්ඩ ප්‍රගතිය තුළින් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා.