Gossips

මෝදර – මාදම්පිටිය මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා

කැණීම් කටයුත්තක් හේතුවෙන් මෝදර – මාදම්පිටිය පාර – මහවත්ත මංසන්ධියේ සිට බෝගහ හන්දිය දක්වා මාර්ගයේ වාහන ගමනාගමනය හෙට රාත්‍රී 9 සිට 25 වනදා අලූයම 5 දක්වා සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ. විකල්ප මාර්ග ලෙස මාදම්පිටිය හන්දියෙන් ගනේමුල්ල පාර ඔස්සේ ධවලසිංහාරාමය පාර, පඤ්ඤානන්ද මාවතට ගමන් කිරීමට හැකියාව පවතින අතර, පඤ්ඤානන්ද මාවතෙන් පැමිණෙන වාහන ධවලසිංහාරාම පාර ඔස්සේ ධාවනය නොකර බෝගහ හන්දිය පසුකර බ්ලූමැන්ඩල් පාරට ගමන් කළ හැකියි.
එමෙන්ම මීගමුව දෙසින් පැමිණෙන බර වාහන තොටළඟ හන්දියෙන් මාදම්පිටිය පාරට ඇතුලූ නොවී ඉඟුරුකඩේ මංසන්ධිය දෙසට ධාවනය කළ හැකි බවයි පොලීසිය සඳහන් කළේ.
බ්ලූමැන්ඩල් පාරෙන් පැමිණෙන වාහන බෝගහ මංසන්ධිය පසුකර පඤ්ඤානන්ද මාවත ඔස්සේ අලූත් මාවතට ධාවනය කළ හැකි අතර, අදාළ කාලය තුළදී මාර්ග අංක 178 බස් රථ බ්ලූමැන්ඩල් පාර ඔස්සේ පැමිණ ආතර් සිල්වා මාවත ඔස්සේ වේල්ස්කුමාර මාවතට ගමන් කළ හැකියි.