ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (10) උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළා.
ඒ පොළොන්නරුව නව නගරයේ පිහිටි විද්‍යාලෝක විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීයි.
මේ අතර අද උදෑසන 7ට ආරම්භ වූ පළාත් පාලන ඡන්ද විමසීමේදී අද පෙරවරු 10 තෙක් පැවති කාල සිමාව තුලදී බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 40ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව වර්තවනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය සියයට 25ක් ලෙසටයි වාර්තා වන්නේ.
නුවරඑළිය සියයට 20ක් ලෙස වාර්තා වූ බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.
මේ අතර උදෑසන 7 සිය පෙරවරු 10 දක්වා කාල සීමාව තුලදී වව්නියාව දිස්ත්‍රික්කයේ සියයට 45ක් ද රත්නපුර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පිළිවෙලින් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිවෙලින් සියයට 30ක් සහ 25ක් ලෙසට වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශ කළා.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 30ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එහි තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.
මීට අමතරව අද උදෑසන 10 වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් සියයට 20ක් ද, මාතලේ සියයට 20ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ සියයට 25ක් ඡන්දදායකයන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේ.