Gossips

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සඳහා කඩිනමින් ඉල්ලූම් කරන්නැයි උපදෙස්

මේ වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා කඩිනමින් ඉල්ලූම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ඉල්ලීමක් කරනවා.
සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඉල්ලූම්පත් යොමුකර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.
ඇතැම් ඉල්ලූම්පත්, චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි කියවා ඉදිරිපත් කර නොමැතිවීම හේතුවෙන් අඩුපාඩු රැසක් දක්නට ලැබුණු බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.