Gossips

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකිබවත් එම නිවේදනයේ සදහන්.
දිවයිනේ උතුර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල සහ මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැ.කි.මී. 40-50 පමණ තත්ත්වයේ තද සුළංඇති විය හැකියි.