Gossips

16 කණ්ඩායම ගෝඨාභයගේ උපන් දිනයට

මිලිටරි පාලනයක් හෝ බිහිකර රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අද මහා සංඝ රත්නය අනුශාසනා කළා.
අදට යෙදෙන හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පිංකමකට සහභාගි වෙමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි හිමියන් මෙම අදහස් පළ කර සිටියා.
දානමය පුණ්‍යකර්මය සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇතුලූ පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මාධ්‍ය වෙත අනාවැකියක් පළ කළා.