Gossips

එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට වන්දි ලබාදීමේ ආණ්ඩුවේ උත්සහයක් – මහින්දානන්ද

එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට හා පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්නේ මීලග ජනාධිපතිවරණයෙදි උතුරේ ජනතාවගේ ජන්ද ලබා ගැනිමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළේ් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ද කෝප් කමිටුවෙන් ඉවත් කිරිමටද කථානායකවරයා කටයුතු කළ යුතු බවයි.
බදු මුදල් ගෙවීමෙන් වැළකී රට ගැන නොසිතා කටයුතු කරන ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීමට ජනතාව සාමුහිකව ක්‍රියාකල යුතු බව පාර්ලිමේන්තු විමල් විරවංශ එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළා.