Gossips

මහවැලි ගඟේ බෝට්ටු අනතුරක්

මහවැලි ගඟේ කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේදි බෝට්ටුවක් පෙරලීමෙන් විදේශිකයන් පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා.
සෞදි අරාබියානු සහ දෝහා කටාර් රාජ්‍යයේ පිරිසක් එහි ගමන් කර ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුලුව විදේශිකයන් 6 දෙනෙකු සහ බෝට්ටුව පැදවූ පුද්ගලයා ද අනතුරට ලක්වූ පිරිසට අයත්.
නාවික හමුදාව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් ඔවුන් බේරා ගැනුනා.