Gossips

චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග තුනක තහනමක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග තුනක තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේදී තරඟය ආරම්භ කිරීම සඳහා ප්‍රමාද වී පිටියට පැමිණීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තහනම පැනවීමට සූදානම් වන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමේ චෝදනාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නායක දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරඟයක් සහ ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට ලබන 23 වන දා බාබඩෝස් හිදී ආරම්භවීමට නියමිත දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වනු ඇති.
rnrn