Gossips

මහින්දානන්දට එරෙහි නඩුවක් වෙනත් මහාධිකරණයකට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවක් දැනට විභාග කරන කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයාගෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේදී විභාගයට ගැනුනා.
මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍ය ධුරය දරණ සමයේ අයථා ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 270 ක මුදලක් යොදවා බොරැල්ල – කිංසි පාරේ නිවසක් මිලදීගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
එම නඩුව දැනට විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකුට යොමු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.
කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ එස්. තුරෙයිරාජා නඩුව වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමුකරන ලෙස නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.