අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ශාඛාවක් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව මෙරට සංචාරයක නිරත එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරල් ප්‍රකාශ කළා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන පස් අවුරුදු වැඩසටහනකට ද මෙහිදී අත්සන් තබා තිබෙනවා.
මෙරට සහල්වල පෝෂ්‍යදායි බව නැංවීම, කාන්තා කණ්ඩායම් ඇතුළු ගොවි පිරිස් වෙත තාක්ෂණික දැනුම ලබාදීම මේ හරහා සිදුවනු ඇති.