Gossips

අයවැය පරදවනවා. – නිමල් පියතිස්ස

ඉදිරි අයවැය පරාජයට පත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් සභාවේ, නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් පියතිස්ස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණට සහය දක්වන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම ඊයේ මහනුවරදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂය තුළ කිසිදු බෙදීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ ජාතික පුවත්පතක අද පළව තිබූ ප්‍රවෘත්තියක් පිලිබඳව අදහස් දක්වමින්.