Gossips

වන අලි පහරදීමකින් හිමි නමක් රෝහල් ගත කරයි

අනුරාධපුර – මැදවච්චිය – වේවැල්කැටිය ප්‍රදේශයේදී අද (20) අළුයම භික්ෂූන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
උන්වහන්සේ කොළඹ සිට වේවැල්කැටිය ප්‍රදේශයට පැමිණ විහාරස්ථානය වෙත ගමන් ගන්නා අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ අනුරාධපුර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.