දික්වැල්ල – නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක ඊයේ (19) රාත්‍රියේ ගැටී තිබෙනවා.
පසුගිය 15 වන දා මුහුදු ගිය මෙම යාත්‍රාව, නෞකාවේ ගැටී ඇත්තේ දකුණු වෙරළේ සිට සැතැප්ම 100ක් දුරින් මුහුදේ මසුන් මරමින් සිටියදියි.
