Gossips

වර්ජිත තැපැල් සේවකයින් අද සිට උපවාසයේ

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් අසමත් වීම හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ තම වෘත්තිය ක්‍රියාමාර්ගයට සෙසු වෘත්තිය සමිතිවල සහය ලබාගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති නායකයන් සමඟ අද පස්වරුවේ සාකච්ඡාවකද නිරතවන බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවාගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා වර්ජනයේ නිරත තැපැල් සේවකයින් පෙරේදා (18) කොළඹදී විරෝධතා පා ගමනකද නිරතවුණා.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙනතුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.