Gossips

එංගලන්තය ලෝක වාර්තාවක් අලුත් කරයි

එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම පෙර සමත්වුනා.
ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී.
නොටින්හැම් හි පැවති මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 481ක් රැස්කළා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේද පකිස්තානයට එරෙහිව කඩුලු 3කට ලකුණු 444ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායමයි.