දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව මෙරට සංචාරයක නිරත අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අචාර්ය මැතිව් මොරාල් පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ අවස්ථාවේදීයි.
කලාපයේ රටවල් මුහුණ දී ඇති දේශගුණික විපර්යාසයන් සමග, ජාතික පරිභෝජනය සඳහා සහලින් ස්වයංපෝෂිත වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික සහය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා,සහල් නිෂ්පාදනයේ ප්‍රවර්ධනය සඳහා නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට අපේක්ෂා කරන බවද පවසා තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාල සීමාව තුළ මුහුණදීමට සිදුවූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයේ පසුබෑමක් සිදුවූ බවයි.
එම අභියෝගයන්ට මුහුණදෙමින් ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත්කිරීම අරමුණ බව පැවසූ ජනාධිතිවරයා ඒ උදෙසා නව තාක්ෂණික දැනුම මෙන්ම අත්දැකීම් කලාපයේ සෙසු රටවල් සමග හුවමාරු කර ගැනිමට අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා.
මේ අතර, ලබන ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපතිවරයා වෙත පැළඳවීම අද (19) සිදුවුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී.
දිවංගත හිටපු ජනාධිපති, රණසිංහ ප්‍රේමදාසයන්ගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වනදා දිනය ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.