Gossips

ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම රෝහල් වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතුයි

දිවයිනේ පිහිටි ඕනෑම රෝහලක ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතුබව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව පැවසුවේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ හිගයක් ඇති වුවහොත් හදුන්වාදී ඇති මෘදුකාංගය භාවිත කර ලඟම පිහිටි රෝහලෙන් අදාළ ඖෂධ ගෙන්වා ගත යුතු බවයි.
එමෙන්ම දිවයිනේ කිසිදු රෝහලක මේ වනවිට ඖෂධ හිගයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.