Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තවත් සැකකාරියක් සහ සැකකරුවෙක් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමට ආධාර අනුබලදීම,කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය කතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේදී බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.