Gossips

වර්ජනයේ නිරත පිරිසක් සේවයට – තැපැල්හල්වලට පොලිස් ආරක්ෂාව

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද දිනයේ විවෘත කර ඇති අතර, තැපැල් කාර්යාල රැසක සේවකයින් අද රාජකාරීයට වාර්තා කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා.
එම සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
කෙසේ වෙතත්, 9 වන දිනටත් අඛණ්ඩව සිය වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.
රට පුරා ලිපි හෝ පාර්සල් බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදුකර නොමැති අතර, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් ස්ථානවල ලක්ෂ 5කට අධික ලිපි සහ පාර්සල් ගොඩ ගැසී තිබෙනවා.
තැපැල් සේවය අක්‍රිය වීම හේතුවෙන් දෛනිකව තැපැල් දෙපාර්තුමේන්තුවට අහිමිවන ආදායම රුපියල් කොටි 15කට අධික බවයි වෘත්තීය සංගම් ප්‍රකාශ කළේ.