Gossips

ශ්‍රී ලාංකික මවක් සහ දියණියක්, චෙන්නායිවල සිරවේ

සිය දියණියට සිදුකළ ශල්‍යකර්මයකින් පසු බිල ගෙවා ගත නොහැකිව, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලක රැඳී සිටින ශ්‍රී ලාංකික මවක් පිළිබදව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ශල්‍යකර්මය සිදුකිරීමට පෙර ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඉන්දීය රුපියල් හත්ලක්ෂ පනස් දහසක් බව රෝහල් බලධාරීන් පැවසුවත්, සැත්කමින් පසුව ඔවුන් ඒ සඳහා නිකුත් කර තිබූ බිල්පතෙහි වටිනාකම ඉන්දීය රුපියල් නව ලක්ෂයක් බවයි එම මව චෙන්නායි නුවර සිට හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ප්‍රකාශ කළේ.
අනුරාධපුර – පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම මව, තම 15 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ සම්බන්ධ ශල්‍යකර්මයක් සඳහායි මෙලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇත්තේ.