Gossips

දළ දේශීය නිෂ්පාදනය ඉහළට

මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සමස්ථයක් ලෙස සියයට 3.2කින් වර්ධනය වී තිබෙනවා.
එහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය සියයට 4.8කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය සියයට 4.4කින් ද වර්ධනය වීම විශේෂත්වයක්.
වැසි ලැබීමත් සමඟ වී වගාව සියයට 56.6කින් වර්ධනය වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.