Gossips

තෙවරප්පෙරුම එළියට ඇවිත් කළ දේ

ඡන්ද මධ්‍යස්ථානවල හෝ ඒ අවට ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී උපරිම බලය යටතේ වෙඩි තැබීමට වුවද හැකියාව ඇති බවයි.
මේ අතර ඊයේ (09) දිනයේත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා.
බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පිරිසක් මෙලෙස රැස්වී උද්ඝෝෂණයක නිරතවුණේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නැයි බලධාරීන්ට බලකරමින්.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද ඒකව සිටියා.