Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබෙනවා.
හෝමාගම මහාධිකරණයේදී මෙම අභියාචනය අද සලකා බැලීමට නියමිතව තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙනුයි එය මෙලෙස කල් දමා ඇත්තේ.
මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව විවිධ සංවිධාන වලට අයත් භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ (18) පස්වරුවේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.