Gossips

මොණරාගල පවුල් 25,000කට වැසිකිළි පහසුකම් නැහැ

මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැසිකිලි පහසුකම් නොමැති බව අනාවරණ වනවා.
ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (18) දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන්.
එහිදී දිස්ත්‍රික්කයේ වැසිකිලි පහසුකම් නොමැති පවුල් 25,000ක් පමණ සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව එම අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.