Gossips

වෙඩි තබන්න – සිරගත නොකරන්න – පිලිපීන ජනපති

මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයේදී පිලිපීන ජාතිකයින් දහස් ගණනක් මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය පරීක්ෂණ පැවැත්වීම ගැටලුවක් නොවන බව පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගො ඩුටරෙට් පවසනවා.
ඔහු කියා සිටියේ එවැනි විමර්ශනයක් තුළින් දඬුවම් පමුණුවන්නේ නම් සිරගත වීමට වඩා වෙඩි පහරට ලක්වීමට තමන් සූදානම් බවයි.
කෙසේ නමුත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඝාතනය කිරීමට, අණ නොකළ බවත් ඔහු අවධාරණය කළා.
පිලිපීන ජනපතිවරයාගේ ක්‍රියාමාර්ග තුළින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවී ඇත්දැයි සොයා බලන බව ජාත්‍යන්තර අධිකරණය පෙරේදා ප්‍රකාශ කළා.