Gossips

ඥානසාර හිමි වෙනුවෙන්, භික්ෂූන් වහන්සේ කොළඹදී සත්‍යග්‍රහයක

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව විවිධ සංවිධාන වලට අයත් භික්ෂූන් වහන්සේ පිරිසක් අද පස්වරුවේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
මේ හේතුවෙන් ඕල්කට් මාවතේ කොළඹින් පිටවන මං තීරුවේ දැඩි රථවාහන තදබදයක් හට ගත් අතර, පසුව ඊට එක්වූ භික්ෂූන් වහන්සේ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් ද භාර දී තිබෙනවා.
මේ අතර, ඥානසාර හිමියන් සිරගත කිරීමට විරෝධය පල කරමින් අද පස්වරුවේ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවයක ද නිරත වුණා.
පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට සුළු වශයෙන් බාධා සිදු වූ බවයි.
ඥානසාර හිමියන්ගේ සුව දුක් විමසීමට බොදුබල සේනා සංවිධානයේ සහ සිංහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේ පිරිසක් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.
කෙසේ වෙතත් උන් වහන්සේ බැලිම සඳහා ඔවුන්ට අවස්ථාව හිමිවුණේ නැහැ.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධත්‍යන් අදහස් දැක්වීමට පැවිදි හඬ සංවිධානය ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික විද්වත් සංඝ සභාව සඳහන් කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි.
මෙම සිදුවීම ආදර්ශයට ගෙන දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හරහා සංඝාධිකරණයක් ඇති කිරිම කඩිනම් කළ යුතු බව හෙළ බොදු සවිය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.