Gossips

රට යන්න ඉන්න අයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් නිවේදනයක්

කටුනායක ගුවන් තොටුපළේ සැලසුම් කර තිබූ අලුත්වැඩියා කටයුතුවල සුළු පමාවක් හේතුවෙන් පිටවීමේ පර්යන්තයේ කටයුතුවලට බලපෑමක් සිදුනොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කළා.
ඊයේ දිනයේ එමගින් දැනුම් දී තිබුණේ නියමිත වේලාවට පැය 4කට පෙර ගුවන් තොටුපළට පැමිණිය යුතු බවටයි.
කෙසේ නමුත්, අදාළ අලුත්වැඩියා සිදුනොවන බැවින් සිය ගුවන් ගමන් වේලාවට පැය 3කට පෙර සාමාන්‍ය පරිදි පැමිණීම ප්‍රමාණවත් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සදහන්.