Gossips

දරු පරපුර රැක ගන්න සියලූ පාර්ශ්වයන් එක්විය යුතුයි

මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සියලූ පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද (18) පෙරවරුවේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කළේ දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන එම වැඩපිළිවෙළහි ප්‍රමුඛ පියවරක් වන අතර දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරලීම මෙහි අරමුණ බවයි.
මේ අතර, යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල යුද හමුදාව විසින් මෙතෙක් භාවිතා කළ ඉඩම් අක්කර 120කට අධික ප්‍රමාණයක් නැවත එම ජනතාව වෙත නිදහස් කිරීම ද මෙහිදී සිදුව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු ස්ථාපිත පුද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.