Gossips

Update :- තැපැල් සේවක විරෝධතාව නිසා ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ

කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුව අසළින් අද දහවල් ආරම්භ වූ තැපැල් සේවක විරෝධතා පා ගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 8 ක් ගතවනවා.
Update :- June 18, 2018 01.24 pm
————————————————————
Update :- තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ
කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුව අසළින් අද දහවල් ආරම්භ වූ තැපැල් සේවක විරෝධතා පා ගමන මේ වනවිට කොටුව – දුම්රියපල ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිරවී ඇති අතර, ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගයද තාවකාලිකව වසා දමා ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 8 ක් ගතවනවා.
Update :- June 18, 2018 12.54 pm
————————————————————
තැපැල් සේවක විරෝධතාවය නිසා ගමනාගමනයට බාධා
තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට මරදාන දෙසට පැමිණෙන මංතිරුව අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.