Gossips

චන්දිමාල්ට එල්ලවූ චෝදනාවේ සාක්ෂිය එළියට එයි

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවුණා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් දෙවන දිනයේ ක්‍රීඩා පිටියට පිවිසීමද පැය දෙකකින් පමණ පමා කළා.
කෙසේ වෙතත් අවසානයේ කොදෙව් ක්‍රීඩකයින් හට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළා.
නමුත් ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ චන්දිමාල් වැරදිකරු ලෙස තීන්දු කර නැති බවත් තරඟය අවසානයේ තරඟ තීරක සහ විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
මේ අතරතුර ඊයේ තරඟය අතරතුර චන්දිමාල් සිය කලිසම් සාක්කුවෙන් යමක් රැගෙන කටේ දමාගෙන එය භාවිත කරමින් පන්දුව ඔප දමන සජීවී රූපරාමු විකාශය කළා.
මේ අනුව චන්දිමාල්ට පන්දුවේ ස්වභාය වෙනස කිරීම සදහා යම් රසායන ද්‍රව්‍යයක් භාවිතා කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බවයි පැවසෙන්නේ.
අදාළ සිද්ධිය තරඟයේ සිව්වන දිනය වූ ඊයේ දිනයේදී විකාශය වුනේ මේ ආකාරයෙන්.
rnrnrn