Gossips

යාපනය මයිලිටි වරාය ආසන්නයේ නැවක හදිසි ගින්නක් (ඡායාරූප)

යාපනය,කන්කසන්තුරය,මයිලිටි ධිවර වරායේ නැංගුරම් දමා තිබු පැරණි නැවක අද (18) අලුයම හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.
කන්කසන්තුරය පැවසූවේ නැවේ භාණ්ඩ කිසිවක් නොතිබු අතර කාර්මික දෝෂයකට ලක්ව අදාළ නැවත වසරක පමණ කාලයක සිට මයිලිටි වරායේ නැංගුරම් දමා තිබු බවයි.
යාපනය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා නාවික හමුදා ගිනි නිවන කණ්ඩායම් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට අයිති මෙම නැව මීට පෙර ඉන්දියාවේ සිට ලංකාව දක්වා සිමෙන්ති ප්‍රවාහනය කොට ඇති බවටයි තොරතුරු අනාවරණය වි ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

(ඡායාරූප-මාධව කුලසුරිය)