Gossips

ඉන්ෆ්ලුවෙන්සා වැළඳී මියගිය දරුවෙකුගේ පියෙක් නඩු මගට

ඉන්ෆ්ලූවෙන්සා රෝගය වැළදී රෝහල් ගතකෙරුණු පසු ජීවිතක්ෂයට පත්වූ දරුවෙකුගේ පියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වනවා.
වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් තම දරුවා මියගිය බවටයි ඔහු චෝදනා කරන්නේ.
පසුගිය මැයි 14 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මෙලෙස මියගොස් ඇත්තේ මාතර – සීවලී ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හය හැවිරිදි සුදිල විදුරවි එදිරිසිංහ නැමති දරුවෙක්.
මාතර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙනුයි පසුව ඔහුව කොළඹ – රිජ්වේ ආර්යා ළමා රෝහළ වෙත ඇතුළත් කර ඇත්තේ.
කෙසේ වෙතත් ඖෂධයකට විෂබීජයක් ඇතුලූවීම හේතුවෙන් තම දරුවා මියගිය බවට එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවයි දරුවාගේ පියා වන සුදත් එදිරිසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.