Gossips

වනජීවී නියෝජ්‍ය ඇමති තවත් අලි ගැටලුවක (ඡායාරූප)

කොඳු ඇට පෙළක ආබාධයක් හේතුවෙන් රෝගී තත්ත්වයට පත්ව කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වත්තක වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර කරන වන අලි පැටවාගේ සුව දුන් විමසා බැලීම සදහා 17 වැනිදා දහවල් වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පැමිණ තිබෙනවා.
පසුගිය 12 වැනිදා මෙම වන අලි පැටවාව ගම්වාසීන් විසින් දැක ඒ බව වනජීවී නිලධාරීන්ට දැණුම් දී තිබෙනවා.
ඒ අනුව වන අලි පැටවාට ප්‍රතිකාර කිරීම සදහා එම සතාව තබ්බෝව වැව් තාවුල්ලට ගෙන ඒමට වනජීවී නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.
එම අවස්ථාවේදී ද වනජීවී නියෝජ්‍ය ඇමතිවරයා පැමිණ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අඩි 04 ක් පමණ උසැති වයස අවුරුදු 03 ක් පමණ වන මෙම වන අලි පැටවා කිසියම් කොඳු ඇට ආබාධයකින් පෙළෙන බව වනජීවී නිලධාරීන් සදහන් කළා.
වැව් තාවුල්ලේ රදවා සිටින වන අලි පැටවාව ගොඩට ගැනීම සදහා වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වනජීවී නිලධාරීන්ට සහාය දක්වන ආකාරයක්ද දක්නට ලැබුණා.