Gossips

පළාත් සභා සීමා නිර්ණයට, සර්වපාක්ෂික සමුළුවක්

පළාත් සභා ජාතික සීමානිර්ණ වාර්තාව සැකසීම සඳහා සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ වලට ද ආරාධනා කිරීමට කටයුතු කරන බව ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියා.
ඒ අනුව ඒ සඳහා වන මූලික සාකච්ඡාව ලබන 14 වන දා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.