Gossips

අලුතින් ඉදිවූ යාල කලපුවේ හෝටලයට සභාපතිගේ විරෝධය

තිස්සමහාරාම යාල කලපුව ආශ්‍රිත ප්‍රදේශයක ඉදිකර ඇති හෝටලයක් හේතුවෙන් පරිසර හානියක් සිදුවන බවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා චෝදනා කරනවා.
එලෙස ඉදිකර ඇති හෝටලය ඊයේ (16) විවෘත කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න අතින්.
චෝදනා එල්ල වන හෝටලය පිහිටා ඇත්තේ නිමලව අභයභූමිය ඉදිරිපසින් පිහිටි තිස්සමහාරාම, යාල කලපුව ආශ්‍රිතවයි.
ඒ අවට වෙනත් කිසිදු ඉදිකිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ.