Gossips

අලි මෙහෙයුම නතර කිරීමෙන් සිදුවිය හැකි හානියට වග නොකියන බව ඇමති ෆොන්සේකා කියයි

සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කිරීම හරහා එම සතුන්ට සහ මිනිස් ජීවිතවලට සිදුවිය හැකි හානි පිළිබඳ තමාට වගකිව නොහැකි බව තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මැදිරිගිරිය ප්‍රදේශයේ අද (17) සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ තෙත් කලාපයේ ජීවත් වූ මෙම වන අලි දෙදෙනා හොරොව්පතාන වැනි වියළි කලාපයකට රැගෙන යාම සුදුසු නොවන බවයි.