Gossips

වයසට නොයන පිය සෙනෙහස

අදට යෙදී තිබෙන පියවරුන්ගේ දිනයට කදිම ආදර්ශයක් සපයන 89 හැවිරිදි පියෙකු පිළිිබඳ පොළොන්නරුව – සුසිරිගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
සුසිරිගම පදිංචි රණවීරගේ ගුණපාල සිව් දරු පියෙක්.
මීට වසර 20කට පෙර ඔහුගේ බිරිඳ මිය යාමෙන් පසුව ජීවිතයේ සැදෑ සමය ගෙවමින් සිටි ගුණපාලට හදිසියේ පවුලේ වගකීම පැටවෙන්නේ සිය 59 හැවිරිදි වැඩිමහල් පුතුට සිදුවන හදිසි අනතුරක් හේතුවෙන්.