Gossips

හිරු සූදානමින්

පෙර පැවති මැතිවරණවලදී මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ද ප්‍රථමයෙන් ඔබ වෙත ලබාදීමට හිරු ප්‍රවෘත්ති අංශය සූදානම්.
ඒ අනුව හිරු විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය ක්‍රියාත්මක වන අතර, නිවැරදි ප්‍රතිඵලය ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන ඒමේ වගකීම ඒ අයුරින්ම ඉටු කිරීමට සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙනවා.
හිරු ටී.වී., හිරු එෆ්.එම්. ඔස්සේ මෙන්ම හිරු නිව්ස් ඩොට් එල් කේ වෙබ් අඩවිය හරහා ද මැතිවරණ ප්‍රතිඵල ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.
එසේම හිරු ප්‍රවෘත්ති කෙටි පණිවුඩ සේවාව මගින් ද එම ප්‍රතිඵල ඔබ වෙත නිකුත් කෙරෙනවා.