Gossips

ඉන්දියාව ජල හිඟයක් අභියස

ඉන්දියාවට නුදුරේදීම ඉතිහාසයේ දරුණුතම ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඉන්දීය රජය වෙනුවෙන් සකස් කළ එම අධ්‍යයන වාර්තාවට අනුව ඉන්දියානුවන් මිලියන 600ක් එලෙස ජල හිඟයට මුහුණදෙනු ඇති.
එමෙන්ම ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීම, වසරක් පාසා ඉන්දියානුවන් දෙලක්ෂයකගේ ජීවිත අහිමිවීමට හේතුවන බව සඳහන්.
ගෝලීය ජල සම්පත්වලින් සියයට 04ක් ඉන්දියාව සතුවුවත් ලෝක ජනගහණයෙන් සියයට 16 ක් සිටින්නේද ඉන්දියාවේයි.