Gossips

රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරය කොල්ල කයි

රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ තිබූ කාමරය කිසියම් පිරිසක් කොල්ල කා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අධිකරණයේ ආරක්ෂාවට සිටින නිලධාරියෙකු අද කළ දැනුම් දීමකට අනුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එහි තිබූ භාණ්ඩ රැසක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවයි.
එම ස්ථානයේ ගබඩා කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 4ක් අධිකරණ සීමාවේ දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.
පොලිස් නිළ සුනඛයින් යොදා අධිකරණ භූමිය සහ ඒ අවට පරීක්ෂා කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.