Gossips

කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අඛන්ඩව පහතට

ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අඛන්ඩව හතරවන සතියටත් පහත වැටුණා.
සමස්ත දර්ශකය සතිය තුළ ඒකක 24 කින් පහත වැටුණු අතර, සතිය නිමා කළේ 6331 යි දශම 1 ක් ලෙසයි.
සතිය තුළ කොටස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පැවති අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 දක්වා සියයට 29 කින් පහත වැටුණා.
එහිදී දිනක සාමාන්‍ය පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 500 ක් ලෙසයි.
විදේශ ආයෝජන තුළු – ගලනයද සතිය තුළ පහළ මට්ටමක පැවති බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.