Gossips

ඉන්දියාව දරුණුතම ජල හිඟය අභියස

ඉන්දියාවට නුදුරේදීම ඉතිහාසයේ දරුණුතම ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඉන්දීය රජය වෙනුවෙන් සකස් කළ එම අධ්‍යයන වාර්තාවට අනුව ඉන්දියානුවන් මිලියන 600 ක් එලෙස ජල හිඟයට මුහුණදෙනු ඇති.
එමෙන්ම ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීම, වසරක් පාසා ඉන්දියානුවන් දෙලක්ෂයකගේ ජීවිත අහිමිවීමට හේතුවන බව සඳහන්.
ගෝලීය ජල සම්පත්වලින් සියයට 4 ක් ඉන්දියාව සතුවුවත් ලෝක ජනගහණයෙන් සියයට 16 ක් සිටින්නේද ඉන්දියාවේයි. තිරසර ජල සම්පත් සංවර්ධනය මෑත කාලයේදී පසුබෑමකට ලක්වී ඇති බවද අධ්‍යයන වාර්තාවලින් හෙළිවී ඇති කරුණක්.
කෘෂිකාර්මික රටක් වන ඉන්දියාවේ ජල සම්පත්වලින් සියයට 80 ක්ම යොදාගැන්නේ වගා කටයුතු සඳහායි.
එමෙන්ම ඉදිරි දෙවසර තුළ ඉන්දියාවේ ප්‍රධාන නගර 21 ක භූගත ජලයද සිඳී යනු ඇති බවයි ඉන්දීය රජය වෙනුවෙන් සකස් කළ වාර්තාවේ දැක්වෙන්නේ.