Gossips

සිංහරාජයේ අලි මෙහෙයුම නවතී

සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව අත්හිටුවා තිබෙනවා.
වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ මෙහෙයුම නතර කරන ලෙස ජනාධිපතිවරයා විසින් තිරසර සංවර්ධන, වනජීවි හා පරිසර සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත දැනුම්දී ඇති බවයි.
මෙම අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමටයි මීට පෙර කටයුතු යොදා තිබුණේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබුණේ විධිමත් ක්‍රමවේදයක් සකස් කර තීරණයක් ගන්නා තුරු මෙම අලි දෙදෙනා තවදුරටත් සිංහරාජ රක්ෂිතයේ රඳවා තබන ලෙසයි.
යුනෙස්කෝ සංවිධානයද ලෝක උරුම සිංහරාජයෙන් මෙම වන අලි දෙදෙනා ඉවත් කිරීමට විරෝධය පළ කර ලිපියක් වනජීවි අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණා.