කේරළ ගංජා තොගයක් සමග වැලිසර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඉන්දීය ජාතිකයෙකු ද ඇතුලු සැකකරුවන් තුන්දෙනා පෙරේදා 15 සවස අත්අඩංගුවට ගැනුනේ ලොරියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදීයි.
ඔවුන් සතුව තිබී කිලෝ 232 යි ග්‍රෑම් 360 ක් අත්අඩංගුවට ගැනුනා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.