Gossips

රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයින්ට වැටුප් ගෙවීමේ වගකීම ප්‍රධානීන්ට

රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධානීන් වගකිව යුතු බවට මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එම සේවකයන් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වන වගකීම අදාළ ආයතනවල සභාපතිවරුන්, විධායක නිළධාරීන් සහ ගණකාධිකාරීවරුන් භාරගත යුතුයි.
එමෙන්ම රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිශ්චිත කාලය තුළ ගෙවීමද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඊට අදාළ චක්‍රලේඛය මහාභාණ්ඩාගාරය යටතේ පවතින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.