Gossips

කිලිනොච්චියේ සහ මුලතිව්වල කොස් පැල 2000 ක් රෝපණය කරයි

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව කොස් පැල 2000 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද දියත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම කියා සිටියේ කිලිනොච්චිය සහ මුලතිව් යන ප්‍රදේශවල එම කොස් පැල රෝපණය කිරීමට කටයුතු යොදා ඇති බවයි.