Gossips

අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතිවිය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කළේ.