Gossips

වැනසීමට සැරසෙන නක්ල්ස්

නක්ල්ස් අධි රක්ෂිතයේ ස්වාරක්ෂිත කලාපයේ ඉඩම් පෞද්ගලික අංශයට වානිජ වුවමනාවන් සඳහා ලබාදී ඇති බව තහවුරු වී ඇතැයි ජීවයේ අයිතිය පරිසර සංවිධානය පවසනවා.
එහි නියෝජිතයින් මේ බව සදහන් කළේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්.
මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති අධි සංවේදී වනාන්තර කලාප අතුරෙන් නක්ල්ස් වනාන්තරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
අතක් මිට මොළවා ගත්තා සේ දුරට පෙනෙන නකල්ස් කඳුකර පරිසර පද්ධතියල මාතලේ ප්‍ර දේශය කේන්ද්‍ර කරගෙන පැතිර යනවා.
නකස්ල් නොහොත් දුම්බර වනාන්තරය මෙරට ප්‍රථම සංරක්ෂිත වනාන්තරය වන්නා සේම ශ්‍රී ලංකාවේ 4 වැනි ලෝක උරුම වනාන්තරයයි.
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හා සත්වයින්ට සෙවණ සලසනල ජෛව විවිධත්වයෙන් අනූන නකලස් රක්ෂිත කලාපය පිලිබදව පසුගිය කාලය පුරාම ඇති වුණේ සංවාදාත්මක තත්ත්වයක්.
පරිසර සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් චෝදනා කලේ මෙම පරිසර පද්ධතිය දේශපාලන මැදිහත්වීම් මත අවධානම් තත්ත්වයට පත්ව ඇති බවයි.
නමුත් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කලා.